Saturday, January 10, 2015


වාර්ෂිකව මැලේරියා මිලියන 200 කට පමණ ආසාදනය වන අතර වාර්ෂිකව මියයන ගණන 6,27,000 ක් වෙයි. මෙය පරපෝෂිත රෝගයක් වන අතර එම පරපොශිතයාව සම්ප්‍රේෂණය කරනු ලබන්නේ Anopheles ලෙස හදුන්වන මදුරුවන් මගිනි. ඕනෑම මදුරු විශේෂයක ගැහැණු මදුරුවන් පමණක් රුධිරය උරා බොන අතර මෙහිදීත් ගැහැණු මදුරුවන් රුධිරය උරා බිමෙන් මෙම මැලේරියා පරපොශිතයාව සම්ප්‍රේෂණය කරයි.

එසේනම් ගැහැණු මදුරුවන්ගේ බෝවීම පාලනය කල හැකි නම් එම රෝගය පාලනය කල හැකියි. මෙම සංකල්පය පදනම් කරගෙන Andrea Crisanti of the Imperial College London විසින් කල පර්යේෂණයකදී, ඔවුන් විසින් Anopheles gambiae ලෙස හදුන්වන මැලේරියාව බෝ කරන එක් මදුරු විශේෂයක ජාන වෙනස් කර ඔවුන්ගෙන් පැවතෙන්නන් 95%ක් පිරිමි මදුරුවන් ලෙස වීමට සමත් විය. සාමාන්යෙන් මදුරුවන් බෝ වන්නේ 50%ක් පිරිමි සහ 50%ක් ගැහැණු ලෙසයි. නමුත් මෙහිදී අලුතින් බිහිවන පරම්පරාවේ 95%ක් පිරිමි ලෙසත් ඉතිරිය ගැහුණු වෙයි.
එමනිසා පිරිමි මදුරුවන් වැඩි වන අතර ගැහැණු මදුරුවන් ගණන අඩු වෙයි. මෙම ජාන වෙනස්කම ඊලග පරම්පරාවේ මදුරුවන්ගේත් දක්නට ලැබුණු අතර ඒ නිසා දිගින් දිගටම මෙම මදුරුවන් පරිසරයට මුදා හැරීමට අවශ්‍ය නැත.
මාධ්‍ය හමුවේදී Nikolai Windbichler මහතා පැවසුවේ "එක වරක් මෙම මදුරුවන් පරිසරයට මුදා හැරිය විට ඔවුන් ප්‍රධාන වශයෙන් පිරිමි මදුරුවන් ඇති කරන අතර ඔවුන්ගෙන් පවතෙන්නන්ද එම දෙයම කරන බවයි"
කෙසේවෙතත් මෙය තවම මෙහි මුල් අවදියේ පසුවන නමුත් මෙමගින් මදුරුවන්ගෙන් බෝවන රෝග සදහා නව පිටුවක් පෙරලනු නියතයි.

0 comments:

Post a Comment