Friday, August 15, 2014

ඒකසෛලික ජිවින් මෙන් නොව බහුසෛලීය ජිවන්ගේ දේහය තුල පවතින තනි තනි සෛලයන්ට පුර්ණ ස්වාධීන එකකයන් ලෙස ක්‍රියාකළ නොහැකිය.එ නිසාම බහුසෛලිය ජිවින් තුල පවත්නා සෛල සමුහයන් පටක,අවයව,පද්ධති වශයෙන් සංවිධානය වි පවති.තවද සෛල අතර භෞතිකව මෙන්ම සංකීර්ණ රසායනික ක්‍රියාවලින් මඟින් පණීවිඩ හුවමාරැ කරගනිමින් අන්තර් ස‌බඳතා පවත්වා ගනි.


එ අනුව පැහැදලි වන කරැණක් වන්නේ බහුසෛලිකයන් තුල එක් එක් සෛල/පටක වල ක්‍රියාකාරිත්වය දේහයේ අනෙකුත් සෛල/පටකවල ක්‍රියාකාරිත්වයන් සදහා වැදගත් වන බවය.
බහුසෛලිය ජිවියකු තුල සෛල-සෛල එකිනෙක අතර පණීවිඩ හුවමාරැ කරගන්නා ප්‍රධාන ආකාර සතරකි.


  • සෛල-සෛල කායික සම්බන්ධතා (සෛල සන්ධී)
  • සෛල නිපදවන රසායනිකයන් පටක තරලය ඔස්සේ ආසන්න සෛල තුල ක්‍රියාත්මකවිම
  • හොර්මෝන මඟින්
  • උපාගමයන් ඔස්සේ සිදුවන පණීවිඩ හුවමාරැව

සෛල සෛල අතර රසායනික ද්‍රව්‍යයන් ඔස්සේ පණීවිඩ හුවමාරැ කරගැනිම සදහා සෛලවල ප්ලාස්ම පටලයේ සහ සෛල ප්ලාස්මය තුල පවත්නා ප්‍රතිග්‍රාහක (Receptors) ලෙස හඳුන්වන විශේෂිත ප්‍රොටින අණූ වැදගත් වේ.
සෛලයක පවත්නා ප්‍රතිග්‍රාහක ආකාර කිහිපයකි.

සෛල සන්ධී (cell junctions)......
යාබද සෛලවල ප්ලාස්මිය ව්‍යූහයන් යාකරමින් පවත්නා සෛල සම්බන්ධතාවයන් සෛල සන්ධී ලෙස හඳුන්වනු ලබයි.සත්තව සෛල තුල ප්‍රධාන සන්ධී ආකාරයන් 3කි.

  1. තද සන්ධී -- යාබද සෛලවල ප්ලාස්ම පටලයන් එකිනෙකට තඳින් බැඳතබමින් සෛල අතර අවකාශය තුලින් ද්‍රව්‍යය කාන්දුවිම වළක්වනු ලබයි.
  2. ආසක්ත සන්ධී --- යාබද සෛලවල සෛල සැකිල්ල එකිනෙක සමඟ හෝ බහිස්සෛලීය පුරකය සමඟ සම්බන්ධ කරමින් සෛල එකිනෙකට යාන්ත්‍රිකව බැඳ තබන සන්ධී ආකාරයයි.
  3. හිඩැස් සන්ධී (සන්නිවේදන සන්ධී) -- යාබද සෛලවල ප්ලාස්මයන් එකිනෙක සම්බන්ධ කරමින් සෛල අතර ද්‍රව්‍යය හුවමාරැව සදහා පවතින සන්ධී ආකාරයන් වේ.
  4. ශාක සෛලතුල හිඩැස් සෛලවලට සමානව පවතින සන්ධී ආකාරය වනුයේ ප්ලාස්ම බන්ධයන්ය.


වැඩිදුර කරැණූ අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත්කිරිම භාගත කරගන්න....
භාගත කිරිම සදහා පහත ලින්කුව යොදාගන්න.

සෛල -සෛල සම්බන්ධතා

0 comments:

Post a Comment