Saturday, May 3, 2014


මිනිසාගේ දේහය තුල සමායෝජනය සහ සමස්ථිතිය සදහා දායක වනු ලබන මුලික පද්ධතිය වනුයේ ස්නායු පද්ධතියයි.




මිනිස් ස්නායු පද්ධතිය මධ්‍යය ස්නායු පද්ධතිය(CNS) සහ පර්යන්ත ස්නායු පද්ධතිය(PNS) යන මුලික කොටස් දෙකකින් සමන්විත වේ.



මධ්‍යය ස්නායු පද්ධතිය සමන්විත වනුයේ මොළය (Brain) සහ සුෂුම්නාව (Spinal cord) යන මුලික කොටස් වලිනි.එනම් මිනිස් ස්නායු පද්ධතියේ හරය නැතහොත් පාලක මධ්‍යස්ථානය ලෙස මධ්‍යය ස්නායු පද්ධතිය හදුන්වා දිය හැකිය.

පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනු ලබන්නේ මොළය සහ සුෂුම්නාව හැරැනු විට දේහය පුරා විහිදි පවතින ස්නායු සෛල සහ තන්තු ජාලයයි.මෙමගින් මධ්‍යය ස්නායු පද්ධතිය සහ දේහයේ අවයව පද්ධතින් එකිනෙක සම්බන්ධ කරනු ලබයි.




නමුත් ස්නායු පද්ධතියේ පුර්ණ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනිම සදහා මෙම පද්ධතින් දෙකෙහිම ක්‍රියාකාරිත්වය අත්‍යාවශයය වේ.

උදාහරණයක් ලෙස ඔබේ කපාලයට හෝ කොදු නාරටියට හදිසි අනතුරක් මගින් සැලකිය යුතු හානියක් සිදු වුයේ යයි සිතන්න.ඉන් ඔබේ මධ්‍යය ස්නායු පද්ධතියට සැලකිය යුතු හානියක් සිදු වුයේ නම් ඔබේ පර්යන්ත ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සාමාන්‍යය අයුරින් සිදුවුවද ඔබේ සාමාන්‍යය ක්‍රියාකාරිත්වයන් සිදුකර ගැනිමට අපහසු වේ. එ අයුරින්ම ඔබේ පර්යන්ත ස්නායුන් විවිධ රෝගාබාධයන්ට ලක් වු විටද ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයන් හරියාකාරව සිදු කරගත නොහැකිය.මක් නිසාද යත් මෙම පද්ධති දෙකම  දේහයේ ක්‍රියාවලින් සමායෝජනය සදහා වෙන වෙනව නොව එක්ව ක්‍රියාකරනු ලබයි.

නමුත් මෙම පද්ධති දෙකෙහි අසාමාන්‍යයතා නිසා හටගනු ලබන රෝග ලක්ෂණයන් එකිනෙකට වෙනස් වේ.

මධ්‍යය ස්නායු පද්ධතිය නිර්මාණය වුයේ  දිගු ස්නායු දණ්ඩක් වැනි ව්‍යුහයකින් නම් මොළය එහි පුර්ව කෙළවර විශාලනය විමෙන් සහ ස්නායු සෛල බහුල විමෙන්  සැදුන ව්‍යුහයකි.සුෂුම්නාව දේහයේ මධ්‍යය අක්ෂය ඔස්සේ පහළට විහිදුන අපර කෙළවරයි.




මිනිස් මොළය ස්නායු සෛල මිලියන ගණනක් එකිනෙකට සම්බන්ධ විමෙන් සකස් වු අපුර්ව ව්‍යුහයකි.එහි ක්‍රියාකාරිත්වය අවබෝධ කරගත නොහැකි තරම්ම සංකීර්ණය.මිනිස් මොළය පුර්ව මොළය ,මැද මොළය , සහ අපර මොළය යන මුලික කොටස් 3කින් සමන්විත වේ.

  • පුර්ව මොළය කොටසට අයත් වනුයේ මස්තිෂ්ක අර්ධගෝල සහ තැලමස සහ හයිපොතැලමස යන කොටස්ය.
  • මැද මොළය ට අයත් වනුයේ සිව්බිඩි දේහය සහ රතු න්‍යෂ්ටි ප්‍රදේශය යන කොටස්ය.
  • අපර මොළයට අයත් වනුයේ වැරෝලි සේතුව, අනුමස්තිෂ්කය,සුෂුම්නා ශීර්ෂකය යන කොටස්ය.
පුර්ව මොළයේ පවතින විශාලතම කොටස මස්තිෂ්කය වන අතර එය වම් සහ දකුණු අර්ධ ගෝල දෙකකින් සමන්විත වේ.

මස්තිෂ්කය තුල පිටතින් පවතින කොටස මස්තිෂ්ක බාහිකය(Cortex) ලෙසද අභ්‍යයන්තර කොටස මජ්ජාව(medulla) ලෙසද හදුනවනු ලබයි.

මස්තිෂ්ක බාහිකය ලලාට ,පාර්ශවික,ශංඛක,අපර කපාල වශයෙන් ඛණ්ඩිකා 4 කින් සමන්විත වන අතර එක් එක් ඛන්ඩිකාව තුල විශේෂිත ක්‍රියාකාරි ප්‍රදේශ පවති.


පර්යන්ත ස්නායු පද්ධතිය සැලකු විට  මුලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.

  • කපාල ස්නායු යුගල් 12 -- මධ්‍යය ස්නායු පද්ධතියෙන් පටන්ගෙන කපාල කුහරයෙන් පිටතට පැමිණ හිස,මුහුණ ,ගෙල සහ උරස් උදර කුහරවල වු අවයවයන් දක්වා ස්නායු සපයනු ලබයි.

  • සුෂුම්නා ස්නායු යුගල් 31 -- සුෂුම්නාවේ විවිද ප්‍රදේශ වලින් පටන් ගෙන දේහයේ පෘෂ්ඨිය සහ උදරිය ප්‍රදේශවල ට සහ පුර්ව අපර ගාත්‍රා වලට ස්නායු සපයනු ලබයි.

මීට අමතරව පර්යන්ත ස්නායු පද්ධතියේ කොටසක් ලෙස ස්වයංසාධක ස්නායු පද්ධතිය(ANS) පවතින අතර දේහයේ අනිච්ජානුග ක්‍රියා පාලනයට දායක වේ.මෙය මුලික කොටස් දෙකකින් සමන්විත වේ.

  • අනුවේගී ස්නායු පද්ධතිය (SNS) - දේහය හදිසි අවස්ථාවකට(Fight to flight reaction ) සුදානම් කිරිම සදහා වැදගත් වේ.

  • ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය (PSNS) - සාමාන්‍ය අවස්ථාවකදි(Resting)දේහයේ අනිච්ජානුග ක්‍රියාවලින් පවත්වා ගැනිමට වැදගත් වේ.
මෙම ක්‍රියාවලින් වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.

භාගත කිරිමට පහත ලින්කුව යොදා ගන්න.


මිනිසාගේ ස්නායු පද්ධතිය...


http://albiologysinhala.blogspot.com/

3 comments: