දියවැඩියා තත්වයකදි රැධීරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කිරිම, මැනබැලිම සදහා සිදුකරනු ලබන වඩාත් නිරවද්‍යය රැධීර පරික්ෂාවක් තමයි HbA1c එහෙමත් නැත්නම් ග්ලයිකේටඩ් හිමොග්ලොබින් පරිකෂාව කියලා කියන්නේ.....
ග්ලයිකේටඩ් හිමොග්ලොබින් යනු.....
සාමාන්‍යයෙන් රතු රැධීර සෛල තුල ඔක්සිජන් පරිවහනයට වැදගත් වන ප්‍රෝටින අණූ තමයි හිමොග්ලොබින් කියලා හඳුන්වන්නේ.එන්සයිම ක්‍රියාකාරිත්වයකින් තොරව මේ හිමොග්ලොබින් අණු වලට රැධීරයේ ග්ලුකෝස් අණූ සමඟ සම්බන්ධ විමට හැකියාවක් පවතිනවා.මේ විදියට ග්ලුකෝස් අණූ සමඟ සම්බන්ධ වු හිමොග්ලොබින් අණූ ග්ලයිකේටඩ් හිමොග්ලොබින් ලෙස හඳුන්වනවා .එ වගේම මේ ග්ලයිකේටඩ් හිමොග්ලොබින් අණූ එ ස්වරැපයෙන්ම රතු රැධීර සෛල තුල පවතිනවා.
HbA1c පරික්ෂාවකින් සිදුකරන්නේ රැධීරයේ වු ග්ලයිකේටඩ් හිමොග්ලොබින් ප්‍රමාණය මැනබැලිම.
HbA1c පරික්ෂාවේ වැදගත්කම ..........
දියවැඩියා තත්වයකදි රැධීරයේ ග්ලුකෝස් මට්ටම සැලකිය යුතු ලෙස වැඩි වෙනවා.එබැවින් ග්ලයිකේටඩ් හිමොග්ලොබින් අණූ සැදිම ඊට සමානුපාතිකව වැඩිවිම සිදු වෙනවා.මේ විදියට සැදුන ග්ලයිකේටඩ් හිමොග්ලොබින් අණූ රතු රැධීර සෛලය බිදවැටෙන තුරැම එ අයුරින් පවතිනවා.
රතු රැධීර සෛලවල ආයු කාලය දින 120 ක් පමණ වන නිසා ග්ලයිකේටඩ් හිමොග්ලොබින් මඟින් නිරැපණය වෙන්නේ පසුගිය මාස 2-3 ක පමණ කාලය තුල රැධීරයේ ග්ලුකෝස් මට්ටම.එ නිසාම තමයි මේ HbA1c පරික්ෂාව ගොඩක් වැදගත් වෙන්නේ.මොකද පැය 8-10 ත් අතර කාලයක් නිරාහාරව ඉදලා කරන රැධිර සීනි පරික්ෂාවකින්(FBS) නිරැපණය වෙන්නේ කෙටි කාලසීමාවක් තුල රැධීරයේ සීනි මට්ටමේ වෙනස්විම. නමුත් HbA1c මඟින් ලැබෙන අගය පසුගිය මාස 2-3ත් අතර කාලය තුල රැධීරයේ සිනි මට්ටම පැවති ආකාරය.එ නිසා දියවැඩියාව සදහා ප්‍රතිකාර ලබන රෝගියකුට රැධීරයේ සීනි මට්ටම පාලනය විම නිරවද්‍යව හදුනාගැනිම සදහා භාවිත කරන්න පුළුවන් HbA1c මට්ටම මැන බැලිම.
එ අනුව HbA1c පරික්ෂාවේ පවතින ප්‍රධාන වැදගත්කම් 3ක් තියෙනවා.
එමෙන්ම HbA1c මට්ටම 1%(11mmol/mol) ප්‍රමාණයකින් අඩු කරගැනිම මඟින් දියවැඩියාව සහිත පුද්ගලයන්ගේ ක්ෂූද්‍ර සංකූලතාවයන් (දියවැඩියාව නිසා ඇතිවන ස්නායු,වකුගුඩු,අක්ෂී ආබාධයන්) 25% ක් පමණ ප්‍රතිශතයකින් අඩුවන බව හදුනාගෙන තිබේ.
එමෙන්ම දියවැඩියාව නිසා හටගන්නා ප්‍රධාන සංකූලතාවයන් වන හෘදයාබාධ ,පර්යන්ත රැධීර වාහිනි සම්බන්ධ රෝග,වැනි තත්වයන් සදහා වන අවධානමද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවන බව හදුනාගෙන තිබේ.
එ අනුව පැහැදිලි වන ප්‍රදාන කරැණක් වනුයේ HbA1c පරික්ෂාව දියවැඩියාව සහිත පුද්ගලයකුගේ රැධීර ග්ලුකෝස් පාලනය හඳුනා ගැනිම සදහා කෙතරම් ළුලදායි වන බව නොවේද?
HbA1c පරික්ෂාව සිදු කළ යුත්තේ කේසේද?
දියවැඩියාව සහිත පුද්ගලයකු සාමාන්‍යයෙන් මාස 3 කට වරක් වත් HbA1c පරික්ෂාව සිදු කළ යුතු නමුත් හොද රැධිර සීනි පාලනයක් මුල් HbA1c පරික්ෂාවලින් පෙන්නුම් කරන්නේ නම් වසරකට 1-2 ක් පරික්ෂාව සිදු කිරිම ප්‍රමාණවත් වේ.
HbA1c පරික්ෂාවේ නිරවද්‍යතාවය සදහා බලපාන සාධක මොනවාද?
හිමොග්ලොබින් සම්බන්ධ රෝග තත්වයන් වන නිරක්තිය වැනි රෝග තත්වයන් පවතින විටද වකුගඩු ආබාධ,අක්මාව සම්බන්ධ රෝග තත්වයන් වලදිත් අධික කොලෙස්ටරෝල් තත්වයක් පවතින විටද HbA1c පරික්ෂාවේ දෝෂ සහිත ප්‍රතිළුල ලැබිය හැකිය.

- දියවැඩියා රෝගියකුගේ රැධීර සීනි මට්ටම පාලනය විම නිරවද්‍යයව හදුනා ගැනිම (රෝගියා රැධීර සිනි මට්ටම පාලනයට දක්වන අනුරැපතාවය)
- දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා සදහා වන අවධානම හදුනා ගැනිම
- ඉදිරි ප්‍රතිකාර තීරණය කිරිම
HbA1c පරික්ෂාවේ ප්‍රතිළුල අනුව එළඹිය හැකි නිගමනයන්..........
දියවැඩියාව නොමැති සාමාන්‍යය පුද්ගලයන්ගේ රැධීරයේ HbA1c අගය 4%-5.6% පරාසයක පවතිනවා.එමෙන්ම HbA1c අගය 5.7-6.4% අගය පරාසයක පවතින පුද්ගලයන් දියවැඩියාව සදහා අවදානම් තත්වයක් පෙන්වනු ලබනවා.දියවැඩියාව සහිත පුද්ගලයකුගේ HbA1c අගය 6.5 හෝ ඊට වැඩි අගයක් ගන්නවා.
දියවැඩියාව සහිත පුද්ගලයකුගේ HbA1c මට්ටම 7% ට වඩා අඩු අගයක පවත්වන්නේ නම් එය මනා රැධීර ග්ලුකෝස් පාලනයක් ලෙස හදුනාගන්නා අතර එය දියවැඩියාව සහිත පුද්ගලයකු පවත්වා ගත යුතු HbA1c අගයයි.
එමෙන්ම එම අගය 8% හෝ ඊට වැඩි නම් ඉන් අදහස්වන්නේ රැධීර ග්ලුකෝස් මට්ටම පාලනය කිරිම දුර්වලබවත් සංකූලතාවයන් ඇතිවිම සදහා අවධානමක් පවතින බවත්ය.
එමෙන්ම HbA1c මට්ටම 1%(11mmol/mol) ප්‍රමාණයකින් අඩු කරගැනිම මඟින් දියවැඩියාව සහිත පුද්ගලයන්ගේ ක්ෂූද්‍ර සංකූලතාවයන් (දියවැඩියාව නිසා ඇතිවන ස්නායු,වකුගුඩු,අක්ෂී ආබාධයන්) 25% ක් පමණ ප්‍රතිශතයකින් අඩුවන බව හදුනාගෙන තිබේ.
එමෙන්ම දියවැඩියාව නිසා හටගන්නා ප්‍රධාන සංකූලතාවයන් වන හෘදයාබාධ ,පර්යන්ත රැධීර වාහිනි සම්බන්ධ රෝග,වැනි තත්වයන් සදහා වන අවධානමද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවන බව හදුනාගෙන තිබේ.
එ අනුව පැහැදිලි වන ප්‍රදාන කරැණක් වනුයේ HbA1c පරික්ෂාව දියවැඩියාව සහිත පුද්ගලයකුගේ රැධීර ග්ලුකෝස් පාලනය හඳුනා ගැනිම සදහා කෙතරම් ළුලදායි වන බව නොවේද?
HbA1c පරික්ෂාව සිදු කළ යුත්තේ කේසේද?
දියවැඩියාව සහිත පුද්ගලයකු සාමාන්‍යයෙන් මාස 3 කට වරක් වත් HbA1c පරික්ෂාව සිදු කළ යුතු නමුත් හොද රැධිර සීනි පාලනයක් මුල් HbA1c පරික්ෂාවලින් පෙන්නුම් කරන්නේ නම් වසරකට 1-2 ක් පරික්ෂාව සිදු කිරිම ප්‍රමාණවත් වේ.
HbA1c පරික්ෂාවේ නිරවද්‍යතාවය සදහා බලපාන සාධක මොනවාද?
හිමොග්ලොබින් සම්බන්ධ රෝග තත්වයන් වන නිරක්තිය වැනි රෝග තත්වයන් පවතින විටද වකුගඩු ආබාධ,අක්මාව සම්බන්ධ රෝග තත්වයන් වලදිත් අධික කොලෙස්ටරෝල් තත්වයක් පවතින විටද HbA1c පරික්ෂාවේ දෝෂ සහිත ප්‍රතිළුල ලැබිය හැකිය.
0 comments:
Post a Comment