බහුවරණ ප්‍රශ්න විසදිම සදහා අත්වැලක් (Mcq points)--
ප්‍රෝටීන
පැවතිය හැකි ප්‍රධාන ආකාර සහ එවා ඉටුකරන කෘත්‍යයන්.....
ප්‍රෝටීන පවතින ආකාර | ප්‍රෝටීන වර්ගය | ඉටු කරන කෘත්‍යයන් |
---|---|---|
ව්‍යූහය සාදන ප්‍රෝටීන | කොලැජන් ඉලාස්ටීන් ස්කොලාරාටීන් |
-සම්බන්ධක පටකවල අස්ථීවල සහ කාටිලේජවල ව්‍යුහය සැදිම සදහා - කාටිලේජවල සහ ඇතැම් සම්බන්ධක පටකවල ව්‍යුහය සැදිම සදහා -කෘමින්ගේ පිටසැකිල්ලේ ව්‍යුහය සැදිම සදහා |
එන්සයිම ලෙස ක්‍රියාකරන ප්‍රෝටීන | ට්‍රිප්සීන්,පේප්සීන් ඇමයිලේස් ලයිපේස් |
-ප්‍රෝටීන ජලවිච්චේදනය -පිෂ්ඨය මෝල්ටේස් බවට ජලවිච්ජේදනය -මේදය බිඳ හෙලිම |
හොර්මෝන ලෙස ක්‍රියා කරන ප්‍රෝටීන | ඉන්සියුලින් ග්ලුකගන් |
- රැධීරයේ ග්ලුකෝස් මට්ටම යාමනය කිරිම |
පරිවාහක ආකාර ලෙස ක්‍රියාකරනු ලබන ප්‍රෝටීන | හිමොග්ලොබින් හිමොසයනින් මයොග්ලොබින් |
-පෘෂ්ඨවංශීකයන්ගේ රැධීරය ඔස්සේ ඔක්සිජන් පරිවහනය කරනු ලබයි -අපෘෂ්ඨවංශින් තුල ඔක්සිජන් පරිවහනය සදහා දායක වේ. - පෘෂ්ඨවංශින්ගේ ප්ශී තුල ඔක්සිජන් පරිවහනය කරනු ලබයි. |
ආරාක්ෂක ප්‍රෝටීන | ප්‍රතිදේහ ෆෙයිබ්‍රිනෝජන් ත්‍රෝම්බින් |
-ආගන්තුක ප්‍රතිදේහජනකයන් බිඳහෙලිම සිදු කරනු ලබයි. -රැධීරය කැටි ගැසිම සදහා වැදගත් වේ. -රැධීරය කැටි ගැසිම සදහා වැදගත් වේ. |
සංකෝචක ප්‍රෝටීන් | ඇක්ටීන් මයෝසීන් |
පේශී සංකෝචනය සදහා වැදගත් වේ. |
සංචිත ආකාර ප්‍රෝටීන | ඇල්බියුමින් කේසීන් ෆෙරිටීන් | -බිත්තර සුදුමදයේ සංචිත ප්‍රෝටීනයකි. - කිරිවල සංචිත ප්‍රෝටීනයකි - යකඩ සංචිත කිරිම |
විෂ ලෙස ක්‍රියාකරන ප්‍රෝටීන | සර්ප විෂ ඩිප්තිරියා විෂ Ricin | -විෂ සහිත එන්සයිම ලෙස ක්‍රියා කිරිම -ඩිප්තිරියා බැක්ටීරියාව මඟින් නිපදවන බහිස් ධුලකය -එඬරැ බීජ වල අන්තර්ගත විෂ ද්‍රව්‍යයකි |
0 comments:
Post a Comment