| DNA (ඩිඔක්සිරයිබෝනියුක්ලික් අම්ලය) | RNA (රයිබොනියුක්ලික් අම්ලය) |
|---|---|
| සෛලයක DNA වලින් බහුතරයක් න්‍යෂ්ටිය හෝ න්‍යෂ්ටික ප්‍රදේශය තුල අන්තර්ගත වේ. | RNA වලින් බහුතරයක් සෛල ප්ලාස්මය තුල අඩංගු වේ. |
| DNA ක්‍රොමැටින්/ වර්ණදේහ තුල අන්තර්ගත වේ. | RNA රයිබෝසෝම තුල හෝ එ ආශ්‍රැතව පවති. |
| DNA අණූවක් පොලිනියුක්ලියෝටයිඩ දාම 2 කින් සමන්විත වේ. | තනි දාමයකින් සමන්විත වේ. |
| දාමය ඉතා දිගුය (නියුක්ලියෝටයිඩ මිලියනයකට වඩා අඩංගු වේ.) | දාමය කෙටිය. |
| ද්විත්ව සර්පිලයක් ලෙස පවති. | රේඛීය දාමයක් ලෙස පවතින නමුත් එම දාමයේ නැමුම් ඇතිවිමක් දැකිය හැකිය. |
| DNA අණු තැනිමට දායක වන පෙන්ටෝස සීනි ආකාරය වනුයේ ඩිඔක්සිරයිබෝස් ය. | පෙන්ටෝස සීනි අණූව රයිබෝස් වේ. |
| තයැමින් (T) ලෙස හදුන්වන නයිට්‍රජනීය භෂ්මය පවති. | තයැමින් වෙනුවට යුරැසීල් (U) නම් භෂ්මය පවති. |
| දාම දෙක අතර අනුපුරක භෂ්ම යුගලනයක් දැකිය හැකිය. | එකම දාමයේ නැමුම් සහිත ප්‍රදේශවල භෂ්ම අතර යුගලනයක් දැකිය හැකිය. |
| ප්‍රතිවලිතවිය හැකිය. | ප්‍රතිවලිත විය නොහැකිය. |
| ප්‍රවේණීක තොරතුරැ ගබඩා කිරිම සහ නව පරම්පරාවට සම්ප්‍රේෂණය කිරිම සදහා වැදගත් වේ. | වෛරස තුල පමණක් ප්‍රවේණීක තොරතුරැ ගබඩා කරන අතර අනෙකුත් ජිවින් තුල DNA පිටපත් කිරිම මඟින් ප්‍රෝටීන් සංස්ලේෂණයට වැදගත් වේ. |
| DNA අණූ මඟින් RNA පිටපත් කිරිම සිදු කරනු ලබයි. | RNA මඟින් DNA වලින් පිටපත් කරගනු ලබන කේතය පොලිපෙප්ටයිඩ බවට හරවනු ලබයි. |
| සෛලයක DNA අන්තර්ගතය ස්ථායි වන වේ. | සෛලයක RNA අන්තර්ගතය වෙනස් වේ.සමහර RNA සෛලය තුල පවතිනුයේ ඉතා කුඩා කාලයකි. |
| සෛලයක DNA පවතින ප්‍රධාන ආකාර දෙකකි- න්‍යෂ්ටික සහ න්‍යෂ්ටියෙන් පිටත පවතින DNA ලෙසය. | සෛලයක RNA තුන් වර්ගයක් පවති. r(රයිබොසෝම)-RNA (80%) m(පණිවුඩකාරක)-RNA (5%) t-(ප්‍රවාහන) RNA (15%) |
Sunday, September 14, 2014
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment