Thursday, May 29, 2014

 නුතන වෛද්‍යයවිද්‍යාත්මක කටයුතු වලදි රෝග නිර්ණය කිරිම සදහා  බහුලවම යොදාගනු ලබන විකිරිණශිලි පරික්ෂණ ක්‍රමයක් තමයි X- කිරණ ජායාරෑප කියන්නේ.එක් එක් රෝගයනට අනුරැපව දේහයේ විවිධ ස්ථානවලින් X-කිරණ ජායාරෑප ලබාගන්නවා. එ අතරින් උරස් /පපු කුහරයේ ලබාගන්නා X- කිරණ ජායාරෑප (Chest X-ray) වලට සුවිශේෂී තැනක් හිමි වෙනවා.



X- කිරණ භාවිතයෙන් දේහයේ අභ්‍යයන්තර අවයවවල ජායාරෑප ලබාගන්නේ කේසේද?
X -කිරණ ජායාරෑප ලබාගැනිමේ මුලධර්මය වනුයේඑම කිරණ වලට යම් ද්‍රව්‍යයක් තුලින් ගමන්කිරිමට පවතින හැකියාවයි. ඝනත්වය වැඩි ද්‍රව්‍යයන් ( අස්ථී/විවිධ ආගන්තුක දැ) තුලින් කිරණ ගමන් නොකරන බැවින් ජායරෑපය තුල සුදු පැහැයෙන්ද වාතය සහ වෙනත් ඝනත්වයෙන් අඩු ද්‍රව්‍යයන් තුලින් කිරණ විවිධ ප්‍රමාණයන්ගෙන් ගමන්කරන බැවින් සාපේක්ෂව අඳුරැ පැහැයෙන්ද දිස්වේ.(විනිවිද යන කිරණ මගින් X- කිරණ ජායාරෑපය මත අදුරැ ප්‍රදේශ නිර්මාණය කරනු ලබයි.)

උරස් කුහරයේ ලබාගත් X- කිරණ ජායරෑපයක් විස්තර කරන්න පළමුවෙන්ම එය නිවැරදිව (නියමිත ප්‍රමිතියට ) ලබාගත් X- කිරණ ජායාරෑපයක්ද කියලා තහවුරැ කරගත යුතු වෙනවා.මක්නිසාද කියතොත් ඔබ ඉදිරිපත් කරන නිගමනයන් වල සාවද්‍ය හෝ නිරවද්‍යය භාවය එහි තාක්ෂණීක ක්‍රමවේදය මත රදා පවතින නිසා....




X- කිරණ ජායාරැපයක් නියමිත ප්‍රමිතියට අනුකුලබව දැනගතහැකි මුලික කරැණු කිහිපයක් තියෙනවා.

  • මුලින්ම මේ X -කිරණ ජායාරෑපය අයිති පුද්ගලයාගේ නම  සහ ලබාගත් දිනය පිළීබඳ සැලකිය යුතු වෙනවා.
  •  X- කිරණ ජායාරෑපය ලබාගත් දිශාව (Projection) --- මේක ටිකක් වැදගත් කාරණයක් .උරස් කුහරයේ X- කිරණ ජායරෑප ලබාගන්නා විට බහුලව භාවිත කරන දිශානතින් 3ක් තියෙනවා .මේක නම් කරලා තියෙන්නේ කිරණ දේහය තුලට යොමු කරනු ලබන දිශාව අනුව...
    • දේහය තුලට පිටුපසින්(Posterior-anterior/PA) කිරණ යොමු කිරිම මඟින් ලබාගන්නා ජායාරෑප තමයි බහුලව භාවිත කරනු ලබන  එමෙන්ම වඩාත් පැහැදිලිව උරස් කුහර අවයවයන් හඳුනා ගත හැකි දිශානතිය..
    • ඉදිරිපසින් ලබාගන්නා ජායාරෑප (Anterior- posterior/PA) - මෙහිදි කිරන දේහයට යොමු කරනු ලබන්නේ ඉදිරිපස -සිට පිටුපසට දිශානත වන පරිදිය.

    • පැති පෙනුම (Lateral view) - උරස් කුහරයේ දකුණු හෝ වම් පසින් කිරණ දිශානත කිරිම මගින් ජාරෑප ලබාගනි.මෙහිදි උරස් කුහරයේ අවයවයන් උරස් කශේරැකා සමඟ වඩාත් පැහැදිලිව දැකගත හැකිය
ඉදිරිපසින්(AP) ලබාගන්නා ජායාරෑපයකදි හෘදය පුර්වයෙන් පිහිටන බැවින් විශාලව පෙනෙන අතර පෙනහළු පටකයන් වඩාත් පැහැදිලිව දැක ගැනිම අපහසුය.නමුත් පිටුපසින් ලබාගන්නා ජායාරෑපයක හෘදය සාපේක්ෂව කුඩාවන අතර පෙනහළු පටකයන් පැහැදිලිව හදුනාගත හැකිය.තවද X- කිරණ ජායාරෑපයේ දිශානතිය හඳුනා ගැනිම සදහා උරතල අස්ථියේ පිහිටිම යොදා ගත හැකිය.ඉදිරිපසින්(AP) ලබාගත් ජායාරෑපයක උරතල අස්ථීයේ මධ්‍යය සීමාව පෙනහළු තුලින් දැකගත හැකිය.හදිසි අවස්ථාවකදි සහ ඉරියව් වෙනස් කිරිමට අපහසු රෝගීන්ගෙන් මෙම X-කිරණ ජායාරෑප ලබාගනි.
  • X - කිරණ ජායාරෑපයේ වම් පස සහ දකුණූ පස හදුනා ගත යුතුය.සාමාන්‍යයෙන් විකිරණශිල්පියා විසින් දිශානතිය සහ ජායාරෑපයේ වම් සහ දකුණූ පස දක්වා තිබෙන නමුදු එසේ නොවන අවස්ථාවලදි හෘදයේ පිහිටිම මගින්  වම් සහ දකුණ පස හදුනා ගතහැකිය.
  • X -කිරණ ජායාරෑපය නියමිත විනිවිද භාවයකින්(Penetration) යුක්ත විය යුතුය.නියමිත ප්‍රමාණයට විනිවිදභාවයකින් යුත් ජායාරෑපයක කශේරැකා දේහයන් හෘදය සීමාව තුලින් පැහැදිලිව පෙනිය යුතුය.
  • X -කිරණ ජායාරෑපය ලබාගැනිමේදි රෝගියා නියමිත මධ්‍යය ඉරියව්වක පිහිටුවා ගත යුතුය.එසේ නොවු විට ලබාගන්නා ජායාරෑපය දෝෂ සහිත එකකි.නියමිත මධ්‍යය ඉරියව්වෙන් ලබාගත් ජායාරෑපයක කශේරැකාවල කණ්ඨක ප්‍රසරයන්(spinous process) මධ්‍යය අක්ෂය තුල පිහිටන අතර අක්ෂකාස්ථිය (Clavicle) සම්බන්ධ වන ස්ථානයට දෙපසින්ම සමාන දුරක් තිබිය යුතුය.




  • ශ්වසන ඉරියව්ව - සාමාන්‍යයෙන් ජායාරෑපය ලබාගනු ලබන්නේ ආශ්වාස ඉරියව්ව තුලදිය .පර්ශු ප්‍රමාණය ගණනය කළ විට එය 5-7 අතර අගයක් විය යුතුය.
උරස් කුහරයේ  X-කිරණ ජායාරෑපයක (PA) කොටස් හදුනාගනිමු.
(ප්‍රමාණවත් මට්ටමේ ආලෝකයක් X- කිරණ ජායාරෑපය කියවිම සදහා යොදා ගත යුතුය.)



  1. පර්ශු (Ribs)   
  2. හෘදය (Cardiac shadow)
  3. ශ්වාස නාලය (Trachea)
  4. වම් පෙනහළු ප්‍රදේශ (Left lung field)
  5. මහා ප්‍රාචීරය (Diaphragm)
  6. අක්ෂකාස්ථීය (Clavicle)
  7. උරතලය (Scapula)

X- කිරණ ජායාරෑපයේ සාමාන්‍ය සහ අසාමාන්‍යයතා හඳුනාගනිමු...


    • (1)පෙනහළු ප්‍රදේශ (Lung field) - වම් සහ දකුණූ පෙනහළු ප්‍රදේශ එක හා සමාන පෙනුමකින් තිබිය යුතු අතර වඩා අදුරැ හෝ සුදු පැහැති නොවිය යුතුය.අසාමාන්‍ය ලෙස සුදු පැහැති ප්‍රදේශ (White lung field)  මගින් නිරෑපණය වන්නේ වාතය හැරැණු විට වෙනත් අසාමාන්‍යය පටක වර්ධනයක් හෝ ඝනවිමකි. පෙනහළුවල දීර්ඝකාලීන ආසාදනවලදි,ප්ලුරා කුහරය තුල තරල එක්විමේදි,පටක ඝනවිම් වලදි,පිළීකා තත්ව වලදි මෙවන් ස්වාභාවයන් දැකිය හැකිය.තවද පෙනහළු පරිමාව පිළිබඳ අදහසක් ලබාගත යුතුය.
    • (3) හෘදය ප්‍රදේශය (Cardiac shadow) -- හෘදයේ සාමාන්‍යය ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබාගතයුතුය.එය උරස්කුහරයේ ධාරිතාවෙන් හරි අඩකට අඩුවියයුතුය.

    • හෘදය සහ මහාප්‍රාචීරය අතර පවතින සීමාව හැර පපු කුහරය තුල පවතින අනෙක් සීමාවන් පැහැදිලිව දක්නට ලැබිය යුතුය.
    • දකුණු මහාප්‍රචීරය වම් ප්‍රාචීරයට මඳක් ඉහළට වන්නට පිහිටනු ලබයි.
    • ශ්වාසනාලය උරස් කුහරය තුලින් මඳක් දකුණූ පසට බරව ගමන් කරනු ලබයි.
    • මහාප්‍රාචීරය සහ පර්ශු අතර පවතින ආනතිය(5)පැහැදලිව දක්නට ලැබිය යුතුය.

    • උරස් කුහරය තුල පවතින අස්ථීන්ගේ(Bones)යම් බිදිමක් හෝ  පටකයන්ගේ අසාමාන්‍යයතාවයක් පවතින්නේදැයි නිරික්ෂණය කළ යුතුය.
    • කිසියම් ආගන්තුක දේවල් උරස් කුහරය තුල පවතින්නේදැයි සොයා බැලිය යුතුය.නාස් මාර්ගයෙන් ආමාශය වෙත ඇතුල් කරන ලද නාලයක රෑපසටහනක් මෙහි දැක්වේ.



    WWW.ALBIOLOGYSINHALA.BLOGSPOT.COM

    0 comments:

    Post a Comment