1.1-මිනිස් හෘදයේ දළ ව්‍යූහය විස්තර කරන්න........
රුධිර සන්සරණ පද්ධතිය
1.2- මිනිස් හෘදයේ පේශි ජන්‍යය උද්දීපනය සදහා අදාළ වන ව්‍යූහ සහ ඒවායේ පිහිටීම් සදහන් කර පේශි ජන්‍යය උද්දීපනය සිදුවන ආකාරය සැකෙවින් විස්තර කරන්න.......
භාගත කරගැනීම සදහා පහත ලින්කුව භාවිතා කරන්න............
රුධිර සන්සරණ පද්ධතිය
- කේතු ආකාර හැඩය,කුහරමය,පේශිමය අවයවයකි.
- එය හෘත් පර්යාවරණයෙන්(pericardium)ආවරණය වී තිබේ.
- හෘත් බිත්තිය ස්ථර 3 කි.
- පිටතින්ම එපිකාඩියාම පිහිටා තිබේ.
- මධ්‍යයේ හෘත් පේශිමය මයොකාඩියමද
- ඇතුලතින්ම එන්ඩොකාඩියමද පිහිටා තිබේ.
- හෘදය කුටීර 4 කි.
- ඒවා කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකකි.
- හෘදය මධ්‍ය ආවාරය මගින් අන්වායාම භාග දෙකකට බෙදේ.
- එනම් වම සහ දකුණු අර්ධයන් ලෙසය.
- එක් අර්ධයක් කර්ණිකාවකට සහ කෝෂිකාවකට බෙදේ.
- දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රි තුන්ඩ කපාටය (tricuspid-valve)පවතී.
- වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ද්වි-තුන්ඩ කපාටය/මයිට්‍රල් පවතී.
- කෝෂිකා බිත්ති වලට සම්බන්ධ පිටිකා පේශි පවතී.
- හෘත් රජ්ජු මගින් පිටිකා පේශි කපාට වලට සම්බන්ධ වී තිබේ.
- දකුණු කෝෂිකාවෙන් පුප්පුශිය ධමනිය (pulmonary artery) ආරම්භ වේ.
- පුප්පුශිය ධමනි විවරය ආසන්නයේ අඩසද කපාට(semi-lunar valves) පවතී.
- මහාධමනිය(Aorta) වම් කෝෂිකාවෙන් ආරම්භ වේ.
- මෙම විවරය ආසන්නයේ අඩසද කපාට පවතී.
- වම් කර්ණිකාවට පුප්පුශිය ශිරා(pulmonary veins) 4 ක් විවෘත වේ.
- උත්තර මහාශිරාව සහ ආධර මහාශිරාව දකුණු කර්ණිකාවට විවෘත වේ.
- කෝෂිකා බිත්ති කර්ණිකා බිත්ති වලට වඩා ගණකම් වේ.
- වම් කෝෂිකාවේ බිත්තිය දකුණු කෝෂිකාවේ බිත්තියට වඩා ගනකම් වේ.
1.2- මිනිස් හෘදයේ පේශි ජන්‍යය උද්දීපනය සදහා අදාළ වන ව්‍යූහ සහ ඒවායේ පිහිටීම් සදහන් කර පේශි ජන්‍යය උද්දීපනය සිදුවන ආකාරය සැකෙවින් විස්තර කරන්න.......
- සයනෝ-හෘත් කර්ණික ගැටය (SA-node)
- දකුණු හෘත් කර්ණිකාවේ බිත්තිය මත උත්තර මහා ශිරාව විවෘත වන ස්ථානයට ආසන්නව පවතී.
- මෙය ස්නායු පේශි සෛල කාණ්ඩයකි.
- හෘත්-කර්ණික කෝෂික ගැටය (AV-node)
- දකුණු හෘත් කර්ණිකාවේ අධර පෙදෙසේ
- අන්තර් හෘත් කර්ණික ආවාරය අසල බිත්තියේ ඇත.
- හෘත්-කර්ණික කෝෂික කළබ/හිස් කළබ
- හෘත් කර්ණික කෝෂික ගැටයෙන් ආරම්භ වී පහළට විහිදෙමින්
- අන්තර් හෘත් කෝෂික ආවාරයේ ඉහළ කොටසේදී ශාඛා දෙකකට බෙදේ.
- එම ශාඛා වම් සහ දකුණු හෘත් කෝෂිකා බිත්ති තුලින් ගමන් කර කුඩා තන්තු රැසකට බෙදේ.
- මෙම තන්තු ජාලය පර්කින්ජේ තන්තු ජාලය ලෙස හදුන්වනු ලබයි.
- මේවා හෘත් කෝෂිකාවල හෘත් පේශි තුල පවතී.
- මේවා කෝෂිකා තුලින් ආවේග ඉක්මනින් සම්ප්‍රේෂණය කිරීම සදහා වැදගත් වේ.
- හෘත් සංකෝචන ආරම්භ වන්නේ හෘත් පේශිවලින්ම ආරම්භ වන/පේශි ජන්‍යය සංකොචනයන් වශයෙනි.
- කර්ණිකා රුධිරයෙන් පිරියත්ම SA- ගැටය උද්දීපනය වේ.
- එමගින් හෘත් ස්ඵන්දයේ මුලික රිද්මය ආරම්භ වේ.
- එමනිසා මෙය හෘදයේ ගතිකරය ලෙස හදුන්වනු ලබයි.
- SA-ගැටයෙන් ජනනය වන ආවේග කර්ණිකා දෙකෙහිම බිත්ති පුරාම පැතිරීම නිසා
- හෘත්කර්ණිකා දෙකම එකවර සංකෝචනය වේ.
- එ සමගම AV-ගැටය උද්දීපනය වේ.
- එමගින් ජනනය වන ආවේගයන්
- හිස්-කළබ සහ පර්කින්ජේ තන්තු ඔස්සේ
- හෘත් කොශිකාවල හෘත් පේශි වෙත සම්ප්‍රේෂණය වේ.
- එවිට කෝෂිකා දෙකම එකවර සංකෝචනය වේ.
රුධිර සන්සරණ පද්ධතිය
Thanks a lot😃
ReplyDelete