මුත්‍රාශ පද්ධතිය ආශ්‍රැතව සුලබව දක්නට ලැබෙන රෝග තත්වයක් තමයි මුත්‍රා ගල් (urinary stones) කියලා කියන්නේ.ගල්(Stones) කියන තත්වයන් ඇතිවෙන්නේ දේහයේ විවිධ තරලවල පවතින ලවණ අවක්ෂේපවිම නිසා.දේහයේ වෙනත් ස්ථාන වලත් මේවා හැදෙන්න පුළුවන්.විශේෂයෙන් පිත්ත නාල පද්ධතිය(පිත්තාශ ගල්) සහ විවිධ ග්‍රන්ථී ආශ්‍රැතව මේ තත්වයන් සුලභවම දකින්න පුළුවන්.
මුත්‍රා ගල් සැදෙන්නේ කේසේද....
මුත්‍ර තුල පවතින කැල්සියම් ඔක්සලේට්,යුරික් අම්ලය,පොස්පේට් වගේ ලවණ වර්ග අවක්ෂේපවිම මඟින් තමයි සාමාන්‍යයෙන් මුත්‍රා ගල් සැදෙන්නේ.එ සදහා මේ ලවණ වර්ග ඉහළ සාන්ද්‍රණයන්ගෙන් මුත්‍ර තුල පැවතිය යුතු වෙනවා.ඉතින් මේ ක්‍රියාවලිය අධිසන්තෘප්තතාවය (supersaturation) කියලා තමයි රසායන විද්‍යාවට අනුවනම් හඳුන්වන්නේ.
විශේෂයෙන් රැධීරයේ Ca2+ සාන්ද්‍රණය විශාල ලෙසවැඩිවිම මුත්‍ර ගල් සැදිම සදහා හේතු වෙනවා.
එ වගේම මුත්‍ර පද්ධතිය තුල යම් අවහිරවිමක් නිසා මුත්‍ර එක්රැස්විමක් සිදුවෙනවා නම් හරි ආගන්තුක ද්‍රවයයක් මුත්‍ර පද්ධතිය තුල තියෙනවානම් හරි මුත්‍ර ගල් සැදිමේ ක්‍රියාවලිය තවත් පහසු වෙනවා.
මුත්‍ර ගල් වලින් බහුතරයක්ම (90%) සකස්වෙලා තියෙන්නේ කැල්සියම් ඔක්සලේට් වලින්.යුරික් අම්ලය සහ වෙනත් ලවණ වලන් සකස් වු මුත්‍ර ගල් ද සුළු වශයෙන් පවතිනවා.
මුත්‍රා ගල් සැදෙන්නේ කේසේද....
මුත්‍ර තුල පවතින කැල්සියම් ඔක්සලේට්,යුරික් අම්ලය,පොස්පේට් වගේ ලවණ වර්ග අවක්ෂේපවිම මඟින් තමයි සාමාන්‍යයෙන් මුත්‍රා ගල් සැදෙන්නේ.එ සදහා මේ ලවණ වර්ග ඉහළ සාන්ද්‍රණයන්ගෙන් මුත්‍ර තුල පැවතිය යුතු වෙනවා.ඉතින් මේ ක්‍රියාවලිය අධිසන්තෘප්තතාවය (supersaturation) කියලා තමයි රසායන විද්‍යාවට අනුවනම් හඳුන්වන්නේ.
විශේෂයෙන් රැධීරයේ Ca2+ සාන්ද්‍රණය විශාල ලෙසවැඩිවිම මුත්‍ර ගල් සැදිම සදහා හේතු වෙනවා.
එ වගේම මුත්‍ර පද්ධතිය තුල යම් අවහිරවිමක් නිසා මුත්‍ර එක්රැස්විමක් සිදුවෙනවා නම් හරි ආගන්තුක ද්‍රවයයක් මුත්‍ර පද්ධතිය තුල තියෙනවානම් හරි මුත්‍ර ගල් සැදිමේ ක්‍රියාවලිය තවත් පහසු වෙනවා.
මුත්‍ර ගල් වලින් බහුතරයක්ම (90%) සකස්වෙලා තියෙන්නේ කැල්සියම් ඔක්සලේට් වලින්.යුරික් අම්ලය සහ වෙනත් ලවණ වලන් සකස් වු මුත්‍ර ගල් ද සුළු වශයෙන් පවතිනවා.
මුත්‍රා ගල් සැදිම සදහා පවතින අවධානම් සාධක (risk factors) මොනවාද.....
- මුත්‍රා ගල් සහිත විමේ පවුල් ඉතිහාසය --- කිසියම් පුද්ගලයකුගේ පවුලේ සමීපයන් (මව,පියා,සහෝදර-සහෝදරියන්)අතර රෝග තත්වය දක්නට ලැබෙන්නේ නම් රෝගය සැදිම සදහා පවතින අවධානම වැඩිය.
- වයස - අවු 30-50 ත් අතර වයස් සීමාවල සිටින පුද්ගලයන් තුල මුත්‍ර ගල් සැදිම සදහා පවතින අවධානම වැඩිය.
- ස්ත්‍රි පුරැෂභාවය -- පුරැෂයින් තුල මුත්‍ර ගල් සැදිම සදහා වැඩි ප්‍රවණතාවයක් පවති.M:F-3:1
- රෝග තත්වයන් -- මුත්‍රා ආසාදන සැදි තිබිම,පැරාතයිරෝයිඩ හොර්මෝනය වැඩිපුර නිපදවිම,යුරික් අම්ලය වැඩිපුර නිපදවිම
- ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරිම - මුත්‍ර වල අන්තර්ගත ලවණයන් වැඩිපුර සාන්ද්‍රවිම සිදු වේ.
- ප්‍රෝටීන,ඔක්සලේට් බහුල ආහාර ලබාගැනිම
- වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල ජිවත්විම -- දේහය ඉක්මනින් විජලනයට පත්විම.
- මුත්‍ර පද්ධතියේ ව්‍යූහමය වෙනස්කම් පැවතිම
- විවිධ ඖෂධ වර්ග භාවිත කිරිම
දිනකට පුද්ගලයකු විසින් 2.5-3L අතර ජල ප්‍රමාණයක් පානය කිරිම ප්‍රමාණවත් වන අතර අනවශ්‍යය ලෙස ජලය පානය කිරිම(>4.5L) මුත්‍ර වල ගල් සැදිම වළක්වන සංඝඨකයන් තනුකකිරිමට හේතුවන අතර මුත්‍ර ගල් සැදිම සදහා පවතින ප්‍රවනතාවය වැඩිකරනු ලබයි.
මුත්‍ර ගල් සැදිමකදි දක්නට ලැබෙන රෝග ලක්ෂණයන් මොනවාද....
මුත්‍ර ගල්වල විශාලත්වය,පවතින ස්ථානය සහ එය මුත්‍රාශ පද්ධතිය තුලින් පහළට ගමන් කරන්නේද නැද්ද යන කරැණු මත රෝග ලක්ෂණයන් වෙනස් වේ.
සාමාන්‍යයෙන් මුත්‍රගල් සහිත පුද්ගලයන් තුල ඉගටිය ප්‍රදේශයෙන් පටන්ගෙන පහළට පැතිරෙන තදබල වේදනාවක් වරින් වර දැනෙන අතර ,මුත්‍ර සමඟ ලේ පිටවිමක්,මුත්‍ර දැවිල්ලක්,මුත්‍රා අඩස්සි තත්වයක් ඇතිවිය හැකිය.
එමෙන්ම මුත්‍ර ගල් මුත්‍රා මාර්ගයන් ඔස්සේ පහළට තල්ලු විමේදි දැරිය නොහැකි තදබල වේදනාවක් හටගනි.
මුත්‍රා ගල් මඟින් ඇතිවිය හැකි සංකූලතා මොනවාද.....
- වෘක්ක තුල පවතින මුත්‍ර ගල් මඟින් වෘක්ක පටකයන්ට හානිසිදු විය හැකි අතර වෘක්ක නාල පද්ධති අවහිරවිම සිදුවිය හැකිය.
- මුත්‍රා වාහිනි අවහිරවිම නිසා වෘක්ක දක්වා මුත්‍ර ආපසු ගැලිම නිසා වෘක්ක පටකයන්ට සහ වෘක්ක නාලයන්ට සැලකිය යුතු ලෙස හානිවිමක් සිදුවිය හැකිය.
- මුත්‍රා වාහිනි,වෘක්ක ශ්‍රෝණීය විශාල විමක් සිදුවිය හැකිය.
- වෘක්ක අකර්මන්‍යය විම.
- මුත්‍ර ආසාදන ඇතිවිම
- මුත්‍ර ගල් තත්වයන් නැවත නැවත ඇතිවිය හැකිය.
මුත්‍ර ගල් හඳුනාගැනිම සදහා කළ හැකි පරික්ෂණයන් මොනවාද?
- UFR -- මුත්‍රා ආසාදන තත්වයකින් වෙන් කර හදුනා ගැනිම සදහා භාවිත කරනු ලබයි.
- X-ray KUBP -- මුත්‍ර මාර්ගය ආවරණය වන පරිදි ලබාගන්නා X-කිරණ ජායාරෑපයක් මඟින් මුත්‍ර ගල්වල පිහිටිම හඳුනා ගත හැකිය.X-කිරණ ජායාරැපය තුල වඩාත් සුදු පැහැති කලාපයන් ලෙස මුත්‍ර ගල් හඳුනාගත හැකි අතර 90% ක් පමණ මුත්‍රගල් මෙමගින් හඳුනාගත හැකිය.එමෙන්ම අවස්ථා කිහිපයකදි ලබාගන්නා X-කිරණ ජායාරෑපයන් මඟින් මුත්‍ර ගල් පහළට ගමන්කිරිම හඳුනා ගත හැකිය.
- ස්කෑන් පරික්ෂණ(USS/CT) -- මුත්‍රාශ පද්ධතිය තුල (වෘක්ක සහ මුත්‍ර වාහිනි) තුල වෙනස්විම් හදුනාගැනිම සදහා භාවිත කරනු ලබයි.
මුත්‍ර ගල් තත්වයන් සදහා කරනු ලබන ප්‍රතිකර්මයන් මොනවාද...
මුත්‍ර ගල් සදහා සිදුකළ හැකි ප්‍රතිකර්ම මුත්‍රා ගල්වල විශාලත්වය,සහ පිහිටන ස්ථානය යන කරැණූ මත වෙනස් වේ.
- < 5mm වලට වඩා අඩු මුත්‍ර ගල් වලින් බහුතරයක් මුත්‍ර මාර්ගය ඔස්සේ පිටවිමක් සිදු වේ.
- ESWL (ගල කුඩු කිරිම) -- මුත්‍රාශ පද්ධතියේ ඉහළ පවතින (වෘක්ක,මුත්‍ර වාහිනි) 5mm සහ 2cm අතර මුත්‍රා ගල් අධී සංඛ්‍යාත ශබ්ද තරංගයන් මඟින් කුඩා කොටස් වලට බිඳිමෙන් පටව යාමට සලස්වනු ලබයි.
- PCNL -- වෘක්ක තුල පවතින බිඳ හෙලිමට අපහසු ගල් ඉවත් කිරිම සදහා භාවිත කරනු ලබයි.
- URS --- මුත්‍රා වාහිනිවල පහළ ප්‍රදේශය සහ මුත්‍රාශය තුල පවත්නා මුත්‍රා ගල් ඉවත්කිරිමට භාවිත කරයි.
- විවෘත ශල්‍යය කර්මයක් මඟින් ගල් ඉවත් කිරිම.
මුත්‍රා ගල් සැදිම වළක්වා ගැනිම සදහා ඔබට කළ හැකි දේ.....
- දේහයට දිනකට අවශ්‍යය ජල පරිමාව(2-3L) නිසිපරිදි ලබාගැනිම
- දේහයට ලබාගන්නා සෝඩියම් ලවණ ප්‍රමාණය අඩුකිරිම
- Ca2+ අතිරේකව ලබාගැනිම අවම කිරිම
- සත්ව ප්‍රෝටීන සහිත ආහාර ලබාගැනිම සීමා කිරිම
- ඔක්සලේට් බහුල ආහාර වැඩිපුර ලබාගැනිමෙන් වැළකිම -- උදා--නිවිති,බීට්,බතල, චොකලට්,රටකජු,
0 comments:
Post a Comment